"ගඟ දිගේ........., "
කල් යල් බලා නොලීමුත් උපනූපන් ජිවීතය රසැති පද'කට මුසුකොට ගලා යන්නට හරින්නෙමි "ගඟ දිගේ......"
Saturday, May 17, 2014
Thursday, February 13, 2014
59 වැනි උපන්දිනය සමරන මගේ අප්පච්චිට දීර්ඝායු !!!!!
“නිසංසලේ කතා නැතිව
හැමදාමත්
උන්නු ලෙසම
හෙටත් උදා
වෙන හැමදාකදිම එලෙසමයි
මුවින් නොකී
බසින් අපිට
දහසක් දේ
දනවන්නට
තරම් නුඹේ
හදවත මට
අදහනු
බැරිමැයි
මිදුල කොණක ගල් පිළිමය
ලෙසින්
හිඳින බැද්දේගම
සිළිඳුගේ වත
කියවූදා
දුටුවෙත්
නුඹවයි....
අප්පච්චි මං
ආවට ඉඳහිට නුඹේ ලඟපාතට
හැමදාකම
මතක් නුවුනනම් හරි පුදුමයි
ඇඟිලි තුඩක්
අල්ලාගෙන
ඉස්කෝලේට මං
ගෙනියපු
සේපාලිකා සුවඳ අදත්
ඇත්නම්
ආසයි...
ආත්ම ගාණක්
එනවිට
නිවනක මං
කෙලවරකදි
නුඹ හමුවෙන
තුරා ඉන්න
ගොඩක්ම
ආසයි..............”
(දියණි
ලංකා)
Wednesday, October 9, 2013
පිච්ච මල.......
කුණ්ඩුමනී මේ
බලන්න
දවස් ගනන්
කෝවිල ලඟ
උඹ එනකන් බලන්
හිටියේ
ඝන දෙවිඳුගේ
පාමුල මම
හැමදාමත් නුඹේ
කෙහෙරැළි
පිරාගෙන පිට
දිගේට
වැටුන පිච්ච
මල් සේරම
අහුල ගත්තා මං
හෙමිහිට
එක එක අරගෙන
ගිහිල්ලා
පොත් පිටුවක
හිර කරලා
පරිස්සමට තියං
උන්නේ
නුඹේ සුවඳයි ඒ
මල් ලඟ
අදත් වෙනදා
වගේම මම
උඹටත් කලියෙන්
මෙතෙන්ට
ආවේ කෝම හරි
කියන්ට
කියා ගන්ට
බැරි වුණ පෙම
කෝවිල ලඟ ගල්
පඩිපෙළ
පාමුල ඇයි ඔය
විදියට
පරෙවි ඇඟිලි
තුඩු උස්සා
බලන්නේ පෙර මඟ
මොකකට
මුතු ඇට
විසිරුණු විලසට
පෑව සිනාවේ
අරුමෙට
කීරි ගැහිලා
ගිය තරමට
බර වැඩි වුණේ
මගේ හදට
මේ කෝවිල ලඟ
ඉඳගෙන
මං ඉන්නම් මඟ
බලාන
නුඹ අන්සතු
උනත් කුමට
පිච්ච මලක් හෙලපන් බිම.......
2013.10.09
දික්කසාදය...............
සීරුවට ගලා යන
රත් පැහැ ලෙයට
කැලතූ පෙම
ඇදී ඇදී ..එනවා
තාමත් මේ හදට
මටම විතරක්
දැනෙනවා
තාම ඒ බර
සුදු කමිසෙ අත
දිගට
තාමත් අගෙයි
නුඹට
ටිකකට වත් බැලුවනම්
කියා ගන්නවත්
තිබුණනේ
අද නුඹේ හැඩ
මං ඇන්දේ සුදු
සාරිය
ඕනෑවට එපාවට
හැඩයක් නෑ නේද
මගේ අද
කාටවත් ඕනෑවට
ඇයි මේ දුක!
කුල ආගම්
නැති වත්කම්
කොහෙන් මං
ගේන්නද
අනේ මට මතකයි
තාම නුඹේ කවි
සිත....
2013.10.08
Friday, October 4, 2013
සැඟවුනු දුක.................
සිත පෙලා දමා
දෙන දඩුවම්
ඔබට දුන් ආලයට නම්
මිලින වු මා හිමිකම්
සොයා කුමකට හඩනු මම්
සිනාවකට යටව
හද දියඹ කලඹා යන
සුසුමක සිර වී
සැඟවවුනු දුක
නුඹ මිසෙක
වෙනකෙකු
වටහා ගනු කුමට ............
2012 ජුනි මස 27 වැනිදා
නොසරුප් වදන්......................
අදහනු බැරි ලෙසින්
නූඹේ මුවඟින් ගිලිහහෙන
නොසරුප් වදන්
මහද පසාරු කර යැවු
පිහි තුඩු මෙන්
රිදුම් දුන්නද
අකාලයේ මියැදෙන යෞවනයත්
සුදෝ සුදු
පිවිතුරුම ආලයන්
නුඹට ම සින්න වුයෙන්
වැටෙන කඳුලත්
සඟවා ගන්නම් …........
2012 ජුනි මස 20 වැනිදා
විදුලි අකුණු වැදී......................
මේ කුළු අහස යට
ඔබත් මාත්
හිඳිනා කල ,
විදුලි අකුණු වැදී
අනෝරා වැසි වැටුනත් ,
හිතකින්වත් මිදී
දුර ඈතක ඇදී
නොයා හිදිද්දී ,,,
සිතුනේ ………………………
මගේ හිතේ
පිරවිය හැකි
තව අඩුවක්
නුඹට
ඇතිද කියා …………………
2012 මාර්තු මස 30 වැනිදා
Subscribe to:
Posts (Atom)
