“නිසංසලේ කතා නැතිව
හැමදාමත්
උන්නු ලෙසම
හෙටත් උදා
වෙන හැමදාකදිම එලෙසමයි
මුවින් නොකී
බසින් අපිට
දහසක් දේ
දනවන්නට
තරම් නුඹේ
හදවත මට
අදහනු
බැරිමැයි
මිදුල කොණක ගල් පිළිමය
ලෙසින්
හිඳින බැද්දේගම
සිළිඳුගේ වත
කියවූදා
දුටුවෙත්
නුඹවයි....
අප්පච්චි මං
ආවට ඉඳහිට නුඹේ ලඟපාතට
හැමදාකම
මතක් නුවුනනම් හරි පුදුමයි
ඇඟිලි තුඩක්
අල්ලාගෙන
ඉස්කෝලේට මං
ගෙනියපු
සේපාලිකා සුවඳ අදත්
ඇත්නම්
ආසයි...
ආත්ම ගාණක්
එනවිට
නිවනක මං
කෙලවරකදි
නුඹ හමුවෙන
තුරා ඉන්න
ගොඩක්ම
ආසයි..............”
(දියණි
ලංකා)

No comments:
Post a Comment