Monday, September 30, 2013

පුතුට නිදන්නට .................

 

මී.........බිංදුවක්

අරන් ඇවිල්ලා

මල් පෙත්තක පුරවා

දොතොල’ඟ  ගාලා

රස පුරවාලා

සිහින් හඩින් ගයලා...

 

 පය බැදි කිකිණිය

මල් ගොටුවක දා

සුළගින් හඬවාලා

ඒ සංගීතෙට නටයි කුමරියෝ

පුතු නිදනවා දැකලා.....

 

සිහිනෙන් ගෙනාව

පුංචි හිනාවට

හදවත ගැස්සීලා

මල් මී...බිඳුවක් දෙතොලට

වැටුනද සිතුවා හැංගීලා...

 

හිම බිදු වාගේ

සිනිඳු පුළුන් පෙද

ඈත ලොවෙන් ගෙන ආ

පුතුට නිදන්නට පවන් සලන්නට

කුමරියෝ පෙළ ගැසිලා.....

 

 

අත්තටු සල සල

දෑගිලි බැද බැද අහස පුරා නටලා

සෙමින් පහත් වෙයි

පුතුගේ කෙඳිරියට

කඳුලක්  නෙත් පුරවා.......

 

 

ලස්සන මල් වල

පාට ගෙනල්ලා

පිනි බිදු හා කලතා

පුතුගේ සිහින වල

පාට දමන්නේ

කුමරියෝ එකතු වෙලා…….

"ගඟ දිගේ......"

කල් යල් බලා නොලීමුත්

උපනූපන් ජිවීතය

රසැති පද'කට මුසුකොට

ගලා යන්නට හරින්නෙමි

"ගඟ දිගේ......"