Tuesday, October 1, 2013

මහතුන්ගේ රුපියල............

රන් කහ පැහැ මලකඩ

තැවරෙන උඹේ අත

වරක් තව වරක්

යයි ඉහලට පහලට

පැහැයක් නැති කමිස කොටේ.......

 

සත පහක අගයක්

නැතිව ගෙයි මුල්ලක

සති ගණන් මුළුල්ලේ

එහාටයි මෙහාටයි

විසිවුන මේ රුපියල

ගෙනාවා උඹට දෙන්නට

උඹේ ඔය බෙලෙක්කය

දැන් පරණ වැඩියි බොල

ගනිං මේ රුපියලට

හොඳවයින් තව එකක් .....



2013.10.01 ( අද ලෝක ළමා දිනය)

No comments:

Post a Comment