මී පැණි ද පෙරාගෙන
සැදු මිහිරි රස යැ’යි සිතූ
නුඹේ ප්‍රේමේ
රසවිත තොල ගෑ
සමනළියන්ද නුඹ අතැ’ර
අන් රසයන් සෙව්වේ.....
“නුඹ ඒ
සමනළියන්
අතරින් හමු වු රන්
සමනළි මාගේ”
කිව් රසැති රසැති පද
කලතා සැද වු
මී බඳුනෙහි ගිලුවේ....
කිම සතර සතර අත
නුඹත් ඉගිල යන
මත් බමරකු වූයේ
තල තලා මිලින කල
දැමු දැමු මල්
යලි නෑ සුපිපෙන්නේ.......
සාරයද උරා බී
තවමත් මදියැයි
සිතා යලිත් හැරුනේ...
විෂ තුඩක පහස දැක නෑ
නුඹ තවමත්
එයද විඳ බලන්නේ...
කිය කියා මියැදෙනා
මල වට කර කර
යලිඳු හැඩ බලන්නේ
සුවඳක් නම් නෑ දැන්
පැහැයද අහිමියි
සරදම් කර
යන්නේ...........
අන් මල් නම් කිම මට
මේ මල නුඹගේ
පතිනිය වී පිපුනේ
හිමි බමරිඳු නුඹ
යලි නොයෙනා වග
නෑ මං අදහන්නේ
..........
2013.06.10
No comments:
Post a Comment