Tuesday, October 1, 2013

වෙනස..

වැටෙන එක සුසුමක

උණුහුමක්

නොහඳුනන විලසින්

නුඹ අහක බැලූමුත්

මගේ දෑසින්

වහං වෙනු රිසින්

යලි අතැඟිලෙන් අල්ලා

කතා කල විටදි

මා අවුදින්

නුඹ හැරි නොයෙන - දුරක උන්නෙන්

පෙර උණුම වු සුසුමක්

 අරන් මං

යමි දුරක හෙමිහින්.......


2013.06.18

No comments:

Post a Comment