Tuesday, October 1, 2013

අප්පච්චිගේ මලගම.................

කෑලි කැපෙන කළු අහසේ

හරහට ඉගිලුන කණකොකෙක්

දෙඩු විලම්භීතය

ඈතට ඇදී යන තෙක්ම

වටහා ගනු නොහී

හිස් බැල්මෙන්

දාවල් දෙහෝරාවක්

වට මේඝ වරුසෙට

පෙඟුණු මහ පොළොව

මිරිකා ලන්නට හිතූ

සිතුවිල්ලෙන්ම මිදුලට .... 

 

කණකොකා ගිය ඉසව්වක්

කොහේදෝ නොවැටහී

පයක් ඉස්සර වුනේ

ඕනෑවට එපාවට...

 

හරහට දැමු උණ බම්බුව

බොල් හඬින් වී..සි විය

පටලවා සරොම් පොට

එළියට පැන්න

 නොසරුප් පදට

හැරුනේ  මං

මහගෙයි ඉසව්වට...

 

ලාවට නටන කුප්පි ලාම්පුව

දිලිහවන පිල් කණ්ඩිය

දැක දුර තියානම

අප්පච්චි....

මොර ගෑවුනේ බරට

නෑසුනු නුඹේ කෙදිරිල්ලට...

 

ඇසිල්ලක පමාවක් නොව

වරුවක් මියැදිලා හඳ

මගේ බුදු අප්පච්චියේ...

පැලුනේ මගේ හද

නුඹේ මල ගමට නොව

කණකොකාගේ

පමාවට .......



2013.09.30

No comments:

Post a Comment