Tuesday, October 1, 2013

මගේ ’මැයි..............

නුඹේ සිනිඳු අත් පොඩියේ

සීතල මට දැනුනේ නැතත්

නුඹේ පුංචි කතා වලට

කන් දෙක මගේ

පිරුනේ නැතත්

සිහින් සිනිඳු සිනහා කටේ

හැඩයක් තව දුටුවේ නැතත්

නුඹ ඉන්නා ඉසව්වකට

ලඟ පාතින් උන්නේ නැතත්

නුඹට අහිමි සුවඳ ලෝකේ

පාට දෙන්න ඕනේ මටත් ......

2013.02.13

No comments:

Post a Comment