Tuesday, October 1, 2013

නුඹ මගේ ඇස් අතැරතැයි.............

 

කිසිදා හෝ නොවු තරම්

නුඹේ ඇස් ලග

අද මා නතර වෙද්දි

නුඹ මගේ ඇස් අතැරතැයි

සිතුවෙමි... 

 

කිසිදා හෝ නොවු තරම්

මසිත නුඹවම සොයද්දි

නුඹ මගෙන් දුරට යනු ඇතැයි

සිතුවෙමි... 

 

කිසිදා හෝ නොවු තරම්

නුඹේ උණුසුම ‍සොයද්දි

නුඹ මට අහිමි ම යැයි

සිතුවෙමි... 

 

නමුදු,

නුඹේ එක හුස්මක

මා සිරකරගනු බැරිව

නුඹ ලතැවෙනා වග නම්

සිහිනෙකුදු නොසිතුවෙමි.......... 

 

දැන් මා නුඹ නමින්

නිල් අහස පුරාවටම

නෙක නෙක හැඩයෙන්

 රිසි රිසි පැහැ දමා

අදිනෙමි සිත්තමක්

කිසිත් කිසිදාක බොදව නොයනට.......... 


2012 මාර්තු මස 17 වැනිදා

No comments:

Post a Comment