Friday, October 4, 2013

කොළොම්පුරේ නවාතැනේ.....................

අහස් වේදිකාවේ

අඩසඳ පළුව ලඟ

තාම එහෙමමයි

තව දින දෙකයි,තුනයි

පුරහඳ වෙනවා

 

නුඹයි මමයි

ගව්ගාණක් දුරයි තමයි

ඒත් මඟ බලනවා

මේ කොළඹ රටෙත්

ඔය හඳ පායනවා

 

ඒ පුර හ‍ඳෙන්

නුඹේ මුහුණ

මතුවෙනවා සත්තයි

එතකල් මං

මෙතනම ඉන්නද

අප්පච්චි... 


2009.07.15

No comments:

Post a Comment