එක් සවස් යාමේක
දැනගත් ගමන් මම
දැනුන් දුන්නා මුලාදෑනිට
නුඹ ආ වග
එක “හ්ම්” සද්දයක්
විසි කරා ඈතකට
මට නොවේ
හිස් අහසට
අල්ලන්ට නිච්චියක් වත්
නැතිව හුන් නිසා
බලෙන්ම වගේ
දරදඬුව ගිය
මුලාදෑනිගේ අත
ඇදලා ගත්තා කුසට
තැලුණු පොල් ලෙල්ලක්
වගෙයි ඔය මූණ
අනේ !
බිං කළුවරේ
දෙඩු ලෙංගතුකම
කො දැන් ඉතිං ඔය ඩිංගට
කොහෙට විසි වුණාද
දැන් ඉතිං මට
පනින්ට වෙයි
බණ්ඩාර දෙයියන්ගේ
ගලෙන් බිමට.....
2013.10.03
No comments:
Post a Comment