Friday, October 4, 2013

අවසන් පෙමට පෙර...............

 

අහස් කුස පුරා

පිපුණු තරු යා..යකින්

හැමදාම මං පැතුවේ

එකම තරුවක් පමණි

 

එහෙව් මට දෛවයත්

කලා වු සරදමට

දිදුලනා තරු අහස

දෙස යළිඳු නොබලන්ට

තරම් මගේ ඇස් වලට

දුන්නු කඳුලැල් බරයි

ඒ හින්දමයි බිමට

මුව නැඹුරු වී වැටුනේ

දොඩමළුව නොයන්නට

උනුන් හා සම එක්ව

 

බරැති උණු කඳුළු ටික

කාලයයි ගිලිහෙන්ට

“ප්‍රේමය” නම් කවෙහි

අරුත් සුන් වු විටෙක

කුමට සත්සර දමා හැඩකොට

කිසිවෙකුත් රස නොහඳුනන කල...... 


2013.08.04

No comments:

Post a Comment